නිවුන් අලි සහෝදරයන්ගේ පළමු උපන්දිනය සමරයි


(චමින්ද වැවතැන්න සහ ඩයනා උදයංගනී)

පින්නවල අලි සංරක්ෂණාගාරයේ වෙසෙන පණ්ඩු අලියාට හා සුරංගී කෙනර දාවට උපත ලද දිසා හා සජ්ජන නිවුන් අලි පැටව් දෙදෙනාගේ පළමු උපන් දින සැමරුම් උත්සවය  පින්නවල අලි සංරක්ෂණාගාරයේ දී පැවැත්විණි.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේම කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම චාම් උත්සවය සහකාර අධ්‍යක්ෂවරුන් වන නවෝත් අබේසිංහ සහ මිහිරාන් මැදවල මහත්වරු ඇතුළු කාර්ය මණ්ඩලය  සංවිධානය කළහ.

මෙම උත්සවය ආරම්භ කරමින් වැඩම කර සිටි ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් දේශනාව පැවැත්වූහ.

පසුව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේම කාන්ත, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තෝ නිවුන් අලි පැටව් දෙදෙනාට හා නිවුන් අලි පැටව්න්ගේ මව වන සුරංගීට කිරි බත් පලතුරුවලින් සංග්‍රහ කළහ.