නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි


ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.

ලෙබනනය ද වැඩි දිනක් යෑමට පෙර තවත් ගාසා තීරයක් වනු ඇති බව අග්‍රාමාත්‍ය නෙදන්යාහු නිකුත් කළ එම වීඩියෝ පණිවුඩයේ දැක්වෙයි.

“ලෙබනන් හිස්බුල්ලා සංවිධානය, ලෙබනන් සිවිල් වැසියන්ට තර්ජනයක්. අප දිගටම හිස්බුල්ලා ඉලක්ක කර ගනිමින් පහර දෙනවා. ලෙබනනය ගාසා තීරයක් වේවි. ලෙබනන් වැසියන් අද දුක් විඳින්නේ හිස්බුල්ලා නිසයි. අප ලෙබනන් වැසියන් සමඟ අමනාප නැහැ. අප පහර දෙන්නේ හිස්බුල්ලා සටන්කාමීන්ටයි. ලෙබනන් වැසියන් හිස්බුල්ලා ප්‍රතික්ෂේප කළ යුතුයි. එවිට සිදුවන හානිය අවම වේවි’ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ලෙබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින් පවසා ඇත.

 (ඒ.එෆ්.පී.)