නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට


මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරිනැමීමට නොබෙල් කමිටුව තීරණය කළේය.

නිහොන් හිඩන්ක්යෝ, දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානයට හෙලූ පරමාණු බෝම්බවලින් දිවි ගලවා ගත් අයෙකි.

එවැනි මහා විපතක් යළි අත් නොවේවා යනුවෙන් ඔහු පරමාණු බෝම්බ ඇතුළු න්‍යෂ්ටික අවිවලට එරෙහිව බිම්මට්ටමෙන් පිහිටුවූ කණ්ඩායම අද ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක් වුණු සංවිධානයක් බවට පත්ව ඇත.

'න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් නිහොන් හිඩන්ක්යෝගේ සංවිධානය ගන්නා උත්සාහය ඇගයීමට ලක් කරමින්, ඔවුන්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව ඔස්ලෝ නුවර නොබෙල් කමිටුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(බීබීසී)