පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. 

පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වූ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතා ශක්තිමත් කර ගැනීමේ පාකිස්ථානයේ කැපවීම ද අවධාරණය කළේය. 

ශ්‍රී ලංකා පාකිස්ථාන දීර්ඝකාලීන සබඳතාව මෙහිදී සිහිපත් කළ පාකිස්ථාන මහකොමසාරිස්වරයා පාකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවනු ලැබූ විශේෂ සුබ පැතුම් පණිවිඩය ද  ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.