ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු


(ගයාන් සූරියආරච්චි සහ ජේ.ඒ.එල්. ජයසිංහ)

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 30 ක් වන කුණ්ඩසාල ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

මෙසේ අතවරයට ලක් වී ඇත්තේ අවුරුදු 30 ක ප්‍රංශ ජාතික කාන්තාවකි.

මෙම කාන්තාව ඉකුත් 30 දා මහනුවර හෝටලයක නවාතැන් ගෙන සිටියදී සැකකරු එම විදේශ ජාතික කාන්තාවට ලිංගික අතවරයක් කර ඇති බවට වටස්ඇප් මාර්ගයෙන්  පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

මහනුවර සංචාරක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.