පානදුර නිවසක මළ සිරුරු දෙකක්


(සුමිත් පොතුපිටිය) 

පානදුර නිවසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ  පොලිසිය පවසයි .

කාන්තාවගේ මළසිරුර සාලයේ බිම තිබෙන බවත්  පිරිමි පුද්ගලයා ගේ මළසිරුර නිවසේ බාල්කයක   එල්ලෙමින් තිබෙන බවත් පොලිසිය කීය.

දෙදෙනා අනියම්  අඹුසැමි යුවලක බවටත් , පිරිමි පුද්ගලයා විසින් කාන්තාව ඝාතනය කර ගෙලවැලලාගන්නට ඇති බවටත් සැකකරන බව පොලිසිය සදහන් කරයි.