පාර්ලිමේන්තුව අද රැස්වේ:දූෂණ විරෝධී පනත බ්‍රහස්පතින්දා විවාදයට


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් ආරම්භ වේ.

ඒ අනුව අද (06) සිට ලබන 9 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කළාය.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ඔක්තෝබර් 8 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය.