පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු


(සුමිත් පොතුපිටිය )

 ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල  පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග  අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර සහ හැටන්  ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්  බව පොලිසිය කීය.

පානදුර සහ ඒ අවට ළමුන් ඉලක්ක කරගනිමින්  මත්කරල් අලෙවි කරන බවට ලද තොරතුරක් මත පළමු සැකකරු මත්කරල් 100 ක් සමග අත්අඩංගුවට ගෙන ඔහුගෙන් අනාවරණය වූ තොරතුරු මත දෙවන සැකකරු මත්කරල් දස දහසක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු නිවසක සගවා තිබූ ඉතිරී මත්කරල් තොගය සොයාගත් බව පොලිසිය සදහන් කරයි.

මත්කරල් 10 ක් අඩංගු පැකට්ටුවක් රුපියල් 1500    ක මුදලකට අලෙවි කර ඇති බවට සැකකරුවන් ගේ ප්‍රකාශ වලින් හෙලිව ඇති බවද පරීක්ෂණ