පොලොන්නරුව ගොවි ජනබලයට ජනගඟක්


 

(නිමල් ජයරත්න)

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සංවිධානය කර ලබන සාගතයද, ජීවිතයද ගොවිජන රැලිය මීට සුලු මොහොතකට පෙර පොලොන්නරුව දියත උයන අසලදි අද සවස ආරම්භ විය.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න යන මහත්වරු එක්ව සිටිති.

රටේ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් වහා විසැඳම් දෙන්නැයි ඉල්ලා මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

පොලොන්නරුව වකුගඩු රෝහල අසලින් ආරම්බ වූ විරෝධතා පා ගමන පොලොන්නරුව දියත උදන දක්වා ගමන් ගත්තේය.

මෙම උද්ඝෝෂනයට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයෝ 10000ක් පමණ එක්ව සිටිති.