( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි පරීක්ෂා කිරීමට හිස ඇතුලට දැමූ බස් රථ රියදුරෙකු ගේ ගෙල රෝදයට සිරවීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මාලඹේ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වලස්මුල්ල හොරේවෙල , වත්ත හේන්ගොඩ , මැදගොඩවත්ත පදිංචි රන්හොටිගෙදර අනුර නාමල් රන්දෙනිය නමැති (48) හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කියයි.
සංචාරකයින් ප්‍රවාහනය කරන අති සුඛෝපභෝගී බස් රථ ගාල්කර තිබෙන පෞද්ගලික රථ ගාලක බස් රථයක වැකුම් නිමවීමෙන් දකුණු පස රෝදයට බස් රථය පහත් වී තිබෙනු ඒ බව දුටු බස් රථ රියදුරෙකු ආධාරකයකින් බස් රථය උස්සා වැකුම් පුරවා එම ආධාරකය ඉවත්කොට පසුව හිස ඇතුලට දමා නිවැරදිව වැකුම් පිරවී ඇත්දැයි පරීක්ෂා කිරීමට යාමේදී එක්වරම යළි බස් රථය පහත් වී ඇති අතර එම අවස්ථාවේදී මෙම පුද්ගලයාගේ ගෙල සිරවීමෙන් අනතුරක් සිදුව ඇති බව පැවසේ.