
(යොහාන් භාසුර)
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අනපේක්‍ෂිත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතිය දක්වා බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 ත් 83 ත් අතර මිල ක පැවතිය ද මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 91 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
බොරතෙල් මිල මෙම මස වන විට තව දුරටත් අඩු වේ යැයි බලාපොරොත්තු වුවද මිල ඉහළ යෑමෙන් ආර්ථික අර්බුදයන්ට පත්ව සිටින රටවල් තව දුරටත් අපහසුතාවට පත්වනු ඇත.

