(මහේෂ් කිර්තිත්න)
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශපාලන පක්ෂයක නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වු බව මාතලේ තේරිම් භාර නිලධාරි තේජානි තිලකරත්න මහත්මිය පැවැසුවාය.
ප්‍රතික්ෂේප වුයේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නාම යෝජනා පත්රයයි.
ඒ අනුව නාම යෝජනා පිළිගත් දේශපාලන පක්ෂ 16ක සහ ස්වාධීන කණෟඩායම් 7ක නාම යෝජනා පත්‍ර 16ක් පිළිගත් බවද අනාවරණය විය.
නාම යෝජනා ලබා දිම් අනුව ජන අරගල සන්ධානය,ජාතික ජන බලවේගය,සර්ව ජන බලය,ජනසෙත පෙරමුණ.දෙවන පරපුර,ප්රජාතන්ත්රවාදි ජාතික සන්ධානය,එක්සත් ප්රජාතන්ත්රවාදි හඩ පක්ෂය,දේශප්‍රේමි ජනබලවේගය,සමගි ජන බලවේගය,නව පජ්රාතන්ත්රවාදි පෙරමුණ,ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ,ඊරෝස් ප්රජාතත්ත්රවාදි පෙරමුණ,ජාතික ප්රජාතන්ත්රවාදි පෙරමුණ,අභිනව නිවහල් පෙරමුණ,ප්රජාතන්ත්රවාදි එක්සත් ජාතික පෙරමුණ.එක්සත් ලංකා පොදුජන පක්ෂය,එක්සත් ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂ සහ ස්වාධින කණෟඩායම් 8ක් මෙසේ සිය නාම යෝජනා පත්‍ර බාර දෙනු ලැබිය.