මියගිය සටන්කරුවන් සමරන්න සංහිඳියාවේ ස්මාරකයක්


 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් දේශපාලන නොසන්සුන්තාවන් හා සිවිල් කැළැඹීම් වල ප්‍රතිඵලයක් ලෙස මියගිය අය සැමරීම සඳහා ස්මාරකයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඉහත හේතු නිසා මිය ගිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම පුද්ගලයින් අනුස්මරණය කිරීම සඳහා  සංහිඳියාවේ සහ ප්‍රතිසංධානයේ සංකේතයක් ලෙස කොළඹ නගරයේ සුදුසු ස්ථානයක මෙම ස්මාරකය  ඉදිකර යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.