
(ඩී.ජි. සුගතපාල)
රත්ගම මොන්රෝවියාවත්ත කටුපොල්කැල්ල ප්‍රදේශයේදි ඉකුත් 28 වැනි දින රාත්‍රි පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම පදිංචි 32 හැවිරිදි සහ 21හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි.
මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ රත්ගම කටුපොල්කැල්ල පදිංචි මාවඩවිලගේ මලිඳු ප්‍රසන්න මෙන්ඩිස් නමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු යතුරු පැදියෙන් යමින් සිටියදි රාත්‍රි 7.50ට පමණ නාදුනන තුවක්කුකරුවකු විසින් ටි.56 ගිණි අවියකින් වෙඩි තැබිම සිදුකර ඇත.
පොලිසිය පැවසුවේ වෙඩි උණ්ඩ තුනක් වැදිමෙන් ඔහුගේ වම් පාදයට තුවාල සිදුව ඇති බවය.

