රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන


(සම්පත් ප්‍රියනන්දන)

රත්නපුර  දිස්ත්‍රික්කයට පවතින අධික  වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල  සහ  නිවිතිගල  යන  ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර මහතා පවසයි.

තඳ වර්ෂාවත් සමග නාය යැමේ  අවදානම්  තත්ත්වයක් ඇති  විය  හැකි බැවින් අධි අවදානම් සහ කදු බැවුම් ප්‍රදේශ ආශ්‍රිතව ජිවත්වෙන  ජනතාව විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ඒ  මහතා ජනතාවට දැනුම් දි  සිටි.

පවතින තඳ වර්ෂාවත් සමග කණ්ඩි කඩා වැටිම, පොළව ඉරිතැලි යැම, ගස් ඇළ විම, බොර ජල උල්පත් මතුවිම, නිවෙස් වල බිත්ති ඉරි තැලිම යන ලක්ෂණ මතු වන්නේ නම් එය නාය යැ‌මේ පුර්ව ලක්ෂ ලෙස හැදින්වෙන බව එම සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික්  ඉංජිනේරු  අභිත  වනසුන්දර මහතා දැනුම් දෙයි.

තඳ වර්ෂාවත් සමග කඳු බැවුමි  අාශ්‍රිතව එවැනි  ලක්ෂ   මතුවන්නේ  නම්  වහාම  තමන්  පදිංචි  වසමෙිි  ග්‍රාම  නිළධාරිවරයා  හෝ  අදාළ  ප්‍රදේශිය  ලේකම්   කාර්යාල වල  ආපදා  සහන  සේවා  අංශ  දැනුම්වත්  කරන  ලෙස ඒ මහතා ජනතාවට  දැනුම්  දි  සිටි.