රුසියාවට ගිය මෝදිට මහ ඉහළ පිළිගැනීමක්


දෙදින නිල සංචාරයක් සඳහා රුසියාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උණුසුම් ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, මෝදි රුසියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. රුසියන් ජනාධිපති පුටින්, මෝදි වෙනුවෙන් විශේෂ පෞද්ගලික භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රුසියාවට ගොස් සිටින්නේ ඉන්දු රුසියා ද්වී පාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් පැවැත්වෙන සමුළුවට සහභාගී වීම සඳහාය. ගෝලීය සහ කලාපීය වැදගත් කරුණු කාරණා සම්බන්ධයෙන් මෝදි සහ පුටින් අතරේ සාකච්ඡා පැවැත් වෙයි.

(එන්.ඩී.ටීවී.)