ගාසා රෝහලට එල්ල වූයේ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් නොව, ඊශ්‍රායලය සමඟ සටන් වදින හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් යැයි ඇමෙරික් ජනාධිපති ජෝ බයිඩන් ද අවධාරණය කර තිබේ.
බයිඩන් මෙසේ අවධාරණය කළේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පවත්වා, පසුව ඔහු සමඟ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
'ගාසා රෝහලට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් මට කනගාටුයි. ඒත් එය සිදු කර තිබනේනේ ඊශ්‍රායලය නොවෙයි; ප්‍රතිවිරුද්ධ කණ්ඩායමයි' යැයි මාධ්‍ය හමුවේ දී බයිඩන් පැවැසීය.
ගාසා රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් 500 කට වැඩි පලස්තීනුවන් පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. පලස්තීනුවන් චෝදනා නගා ඇත්තේ රෝහලට පහර දුන්නේ ඊශ්‍රායල ගුවන් හමුදාව බවය. කෙසේ නමුත් ඊශ්‍රායලය පවසා ඇත්තේ හමාස් රොකට් ප්‍රහාරයක් වැරදීමකින් රෝහලට එල්ල වුණු බවය.
ඊශ්‍රායලයට ගොස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්හායු හමුවුණු ඇමෙරිකා ජනාධිපති බයිඩන්ගේ ස්ථාවරය වී ඇත්තේ ද එයයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ඊශ්‍රායලයට ගොස් සිටින්නේ හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේදී, ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබා දෙන බව අවධාරණය කරමිණි.
(බීබීසී)