මැතිවරණ ජයෙන් පසු කියෙර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩවුනිං වීදියේ අංක 10 බලා පැමිණියේය. පසුගිය කාලය පුරාවට, අගමැතිවරුන් ආවා ගියත්, ඩවුනිං වීදියේ අගමැති නිවසේ හිමිකරුවෙක් සිටී. ඒ, ලැරී නමැති බළල් සුරතලාය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරු පහක් සමඟ වාසය කිරීමට වාසනාවන්ත වූ ලැරී වාසනාවන්ත විය. ස්ටාර්මර්, ලැරීට හමුවන හය වැනි අග්‍රාමාත්‍යවරයාය.
දේශපාලන කැලඹීම වලින් පිරි පසුගිය වසර 14 ක කාලයේ නොසැලී සිටි එකම තැනැත්තා ලෙස ලැරී බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. ලැරී උපත ලැබුවේ 2007 වසරේ ජනවාරි 13 වැනිදාය. ලැරීගේ වයස අවුරුදු 17 ක් බව පැවැසෙයි.
ලැරී, කම්කරු පක්ෂ අග්‍රාමාත්‍යවරයකු ඇසුරු කරන පළමු අවස්ථාව මෙයයි.
අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගෙන රිෂි සුනාක් නිල නිවසින් යද්දී ඔහුගේ බලු සුරතලා ලැබ්රඩොර් රිට්රීවර් වර්ගයට අයත් නෝවා ද නිල නිවසට සමුදුන්නේය. එය ලැරීගේ සතුටට හේතුවක් වන්න ඇත. ඒ බලලුන් සහ බල්ලන් අතරේ නොහොඳ නෝක්කඩු පවතින නිසාය.
කෙසේ නමුත් ගැටලුවක් ද ඇත. නව අග්‍රාමාත්‍යවරයා සමඟ නව සුරතලෙක් ද නිල නිවසට පැමිණෙයි. එම සුරතලාගෙන් ලැරීට අභියෝගයක් එල්ල වනු ඇති බවත් ලැරීගේ ප්‍රතිවාදියා වීමට ඉඩ ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දෙයි.
මේ සුරතලා ජෝ ජෝ ය. ජෝ ජෝ ද ලැරී මෙන්ම බළල් තඩියෙකි.
ලැරී සහ ජෝ ජෝ අතරේ හරි හරියට රණ්ඩුසරුවල් ඇතිවීමට ඉඩ ඇතැයි මාධ්‍ය වාර්තා බිය පළ කරයි. ඊට හේතුව, ඩවුනිං වීදියේ අංක 10 අසලින් වෙන කිසිම බළලකු ගමන් කරනවාට පවා ලැරී අකමැති වීමය.
මීයන් ඇල්ලීම පැත්තකට දමා ලැරී ජෝ ජෝ සමඟ සටන් කරාවිද? මෙය ද බොහෝ දෙනකුට ගැටලුවකි. ලැරීගෙන් ජෝ ජෝ ට කරදර වුණොත්, රිෂී සුනාක්ට මෙන් ලැරීට ද ඩවුනිං වීදියේ අංක 10 අහිමි වනු නිසැකය.
(ඩේලිමේල් ඇසුරිනි)