(සනත් ගමගේ)
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම පොලිසිය කියයි.
අළුතික් ඉඳිකිරිම් කටයුතු සිදුකරන හෝටල් වැඩ බිම වෙත බහලුම් ප්රවාහනය කරන රථය පැමිණ ඇති අතර එහි ඇතුලත තිබූ මීටර් 3 උස මීටර් 2 ක් පමණ පළල අඟල් භාගයක් තරම් ඝණකම ඇති වීදුරු හතක් බිමට බෑමේ කටයුතු වල නියැලි සිටි පුද්ගලයෙකුගේ ඇඟ මතට එවැනි විදුරු හතක් එක්වරම කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.
වීදුරු තොගය කඩා වැටීමෙන් බරපතල තුවාල ලත් කම්කරුවා තංගල්ල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ හුංගම නිදහස්ගම බටහිර පදිංචි 45 හැවිරිදි ගාල්ල හේවාගේ ආරියදාස යන අය බව හුංගම පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්දයෙන් හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරති.