ශිරන්ති රාජපක්ෂ දිවයිනට


(ටී.කේ.ජී.කපිල)

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය සිංගප්පූරු සංචාරය නිමා කර ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියාය.

ඇය ඉකුත් 16 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි .

ඇය , සිය පුත් රෝහිත රාජපක්ෂගේ නැන්දම්මා වූ ඈන් ද ලිවේරා මහත්මිය සමග පිටත්ව ගිය ද , ලිවේරා මහත්මිය දින කීපයකින් ආපසු මෙරටට පැමිණියාය.

එහිදී කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාම සදහා , ඇමෙරිකානු ඩොලර් 216 ක් ගෙවා , විශේෂ අමුත්තන් සදහා වූ " ගෝල්ඩි රූට් " ( Gold Route ) පහසුකම භාවිතා කර තිබුණි .

එමගින් ඇය සාමාන්‍ය ගුවන් මගීන් මගහැර , ඍජුවම සහ ප්‍රමාද වීම් වලින් තොරව මෙම මගී පර්යන්තය වෙත පැමිණීමට අවස්ථාව හිමි වන අතර , ඇයගේ ගමන් මලු ගුවන් තොටුපොළ සේවකයින් විසින් එම මගී පර්යන්තය වෙත රැගෙන එනු ලබන අතර , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ රේගු නිලධාරීවරුන් ද මෙම පර්යන්තය වෙත පැමිණ නිශ්කාශන කටයුතු සිදු කර දීම මෙම පහසුකම යටතේ සිදු කෙරේ .