(නිමන්ති රණසිංහ)
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද පෙරවරුවේ ගොඩ ගනු ලැබීය.
මෙම මරණයට හේතුව සෙවීම සඳහා දේහය ගොඩ ගැනීමට අවශ්‍යතාව ඇති බවට අදාල මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලිමකට අනුව එය ගොන ගත්තේය.
අද පෙරවරු 9.00 පමණ ගොඩ ගැනීම ආරම්භ වූ අතර පෙරවරු 10.00 පමණ වන විට ගොඩ ගත්තේය.
(ඡායා ළහිරු හර්ෂණ)