ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි.
විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායක ෂෙයික් නායිම් කසීම් මේ බව පැවැසූ අතර, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය සමඟ සටන් විරාමයකට යෑමට කැමත්ත පළ කළ පළමු අවස්ථාව මෙයයි.
“හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ ගැටුම් නැවැත්වීමේ අරමුණින්, ඊශ්‍රායලය සමඟ එකඟතාවක් ඇති කරගෙන, සටන් විරාමයකට යෑමට කැමතියි. කෙසේ නමුත් ගාසා තීරයේ යුද ගැටුම් සම්බන්ධයෙන් අප ඊශ්‍රායලය සමඟ එකඟතාවකට යන්නේ නැහැ. මේ මොහොතේ ලෙබනන් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අප මේ තීරණය ගත්තා’ යැයි මාධ්‍ය හමුවේ දී හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායක ෂෙයික් නායිම් කසීම් පැහැදිලි කළේය.
(ඒ.එෆ්.පී.)