සුපර් ටියුස්ඩේ ඇරැඹේ


නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ ජනපති ධුර අපෙක්ෂකයන් සහ පක්ෂ නියෝජිතයන් ඉදිරිපත් වන ‘සුපර් ටියුස්ඬේ’ මූලික ඡන්ද විමසුම ආරම්භ වී ඇත.

මෙම ඡන්ද විමසුමේ දී, නොවැම්බර් පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ අපේක්ෂකත්ව ජය තහවුරු වූ අතර, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය තහවුරු කර ගැනීමට සමත් වූයේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය.

‘සුපර් ටියුස්ඬේ’ ඡන්ද ප්‍රතිඵල අනුව, රිපබ්ලිකන් පක්ෂයේ බහුතර කැමැත්ත ට්‍රම්ප් බව තහවුරු වීමෙන් පසු, ට්‍රම්ප්ට යම්තාක් දුරට අභියෝගයක් වූ නිකී හේලි අපේක්ෂකත්ව සටනින් ඉවත් වනු ඇතැයි පැවැසෙයි.

‘සුපර් ටියුස්ඬේ’ මූලික ඡන්ද විමසුම පැවැත්වෙන්නේ, ජනාධිපතිවරණය පැවැත්වෙන වසරේ පෙබරවාරි හෝ මාර්තු මස අඟහරුවාදා දිනයේය. ‘සුපර් ටියුස්ඬේ’ යනුවෙන් මෙම මූලික ඡන්ද විමසුම හැඳින්වෙන්නේ ද ඒ නිසාය.

(ඒ.එෆ්.පී)