(ටී.කේ.ජී.කපිල )
තායිපේ සිටි කප් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලාංකික යොවුන් බොක්සිං ක්‍රීඩකයින් රන් පදක්කම් 02 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය ඉකුත් 22 දින සිට 25 දින දක්වා තායිවානයේ තායිපේ නුවර ප්‍රථම වතාවට ලෝකයේ යොවුන් බොක්සිං ක්‍රීඩකයින් වෙනුවෙන් සංවිධානය කර තිබූ අතර ඒ සදහා රටවල් 08 ක යොවුන් බොක්සිං ක්‍රීඩකයින් සහභාගී වී සිටියහ .
එහිදී කොළඹ රාජකීය විද්‍යාලයේ තෙනුවන් මීගල්ල සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ එච්.එම්.පී.ඩී.හීන්කෙන්ද යන යොවුන් බොක්සිං ක්‍රීඩකයින් දෙදෙනා රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .
එසේම කොළඹ සහිරා විද්‍යාලයේ තුෂාල් ආසිල් මෙම තරගාවලියට සහභාගී වී රිදී පදක්කමක් දිනා ගෙන තිබුණි .
ඊට අමතරව පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ රවිදු ජීවන්ත සහ වේයන්ගොඩ ජනාධිපති ජාතික විද්‍යාලයේ මවිදු නිම්සර යොවුන් බොක්සිං ක්‍රීඩකයින් දෙදෙනා ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .
එසේම මෙම තරගාවලියේ හොදම විනිසුරුවරයා ලෙස ශ්‍රී ලංකාවේ කපිල සුගතදාස මහතා සම්මානයට පාත්‍ර වී තිබුණි .