‘‘කුඩු බට්ටි‘‘ දිවි ඇති තෙක් සිරගෙට


(මනෝප්‍රිය ගුණසේකර)

තිසරපටේ සඟවාගෙන මක්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ වැල්ලම්පිටියේ කුඩු බට්ටි නමැති කාන්තාවට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ජීවිතාන්තය දක්වා  බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළාය.

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන මොහොමඩ් ජාහිර් පාතිමා රිසානා නැමැති තිදරු මවකටය.

විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරිය විත්තිකාරියට ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළාය.

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන මොහොමඩ් ජාහිර් පාතිමා රිසානා නැමැති තිදරු මවකට ය.