152 වැනි පොලිස් දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්


නිමල කොඩිතුවක්කු
 
152 වැනි ජාතික පොලිස් දින සැමරුම් උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රදානත්වයෙන් බම්බලපිටිය  පොලිස් ක්‍රීඩාංගනයෙදී අද (03) පැවැත්විණි.
 
එහිදී පොලිස් විශේෂ කාර්ය බළකා පැරෂුට් බලෑණිය, පොලිස් තූර්ය වාදක කණ්ඩායම, පොල්ස් අශ්වා රෝහක බළකාය, පොලිස් නිල සුනඛ අංශය, පොලිස් විශේෂ කාර්ය බළකා යතුරු පැදි අංශය එක්ව සංදර්ශණයක්ද ඉදිරිපත් කරනු ලැබීය.
 
මෙම අවස්ථාවට   රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය   අමාත්‍ය  රංජිත් මද්දුමබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, නීතිපති ජයන්ත ජයසූරිය, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු  සහ ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
ඡයාරූප : ළහිරු හර්ෂණ