20ට එරෙහිව මන්ත්‍රීවරු රතු පටි පළඳිති


(නිමල කොඩිතුවක්කු)

විසිවන සංශෝධනයට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු  විපක්ෂ නායක කාර්යාලයේ සිට විරෝධතා රථ පෙළපාලියකින් අද(21) පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියහ.
 
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයට අද පෙරවරු 8. 30ට පමණ රැස්වූ මන්ත්‍රීවරු “විනාශකාරී 20 එපා” යනුවෙන් විරෝධතා පටි පැළඳ රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුව බලා පිටත්ව ගියහ.
 
මෙම රථවාහන පෙළපාලිය සඳහා මහජනතාව සම්බන්ධ කර නොගැනීමට  තීරණය කළ බවද සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
 
සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතේ විරෝධතා පටියක් ගැට ගසන අයුරු ඡායාරූපයක දැක්වේ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)