22 වැනි සංශෝධනයට විරෝධය පා සත්‍යග්‍රහයක්


(ඩයනා උදයංගනී)

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පා ජාතික සංවිධාන 26ක් එක්ව සංවිධානය කළ සත්‍යග්‍රහයක් කොළඹ 07, නිදහස් චතුරස්‍රයේදී අද (5) පෙරවරුවේ පැවැත්විණි.

‘බෙදුම්වාදී කුමන්ත්‍රණ පරදවමු’ යන තේමාව යටතේ සංවිධානය කෙරුණු මෙම විරෝධතාවයට ජාතික සංවිධාන නියෝජනය කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, හෑගොඩ විපස්සි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බන්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූප - ළහිරු හර්ෂණ