95 වැනි උපන්දින සැමරුමට දරු මුනුබුරන් 90 ක්


තුසිත කුමාර ද සිල්වා

දරු මුනුබුරන් 90  දෙනෙකු සමඟ තම 95 වැනි උපන් දිනය දා දර්ගා නගරයේ කොටපිටිය පදිංචි ජිමෝනිස් ලියනගේ මහතා  ආගමික වතාවත් සිදුකොට  දානමය පිංකමක් පැවැත්වීය.

 1951 වර්ෂයේ මිට්ලින් ගුණරත්න මහත්මිය සමඟ විවාහ වී ඇති ඒ මහතා දරුවන් නව දෙනකුගේ පියෙකි.   බිරිය   මිට්ලින් ගුණරත්න මහත්මිය මේ වන විට අසූපස්  වන වියේ පසුවන්නීය. වැඩිමල් දියණියට වයස 64 කි. බාලම දියණියට වයස අවුරුදු 46 කි. තෙවැනි පුතා වූ ජයන්ත වයස අවුරුදු 46 දී මිය ගොස් ඇත.

අනිත් දරුවන් අටදෙනාත් බෑනාවරු  ලේලිවරු නව දෙනාත් මුනුබුරු මිනිබිරියන් විසි නව දෙනෙකු ද,  මුණුබුරු මිණිබිරියන්ගේ දරුවන් තිස් හත් දෙනෙකු ද, එම මුණුබුරු මිණිබිරියන්ගේ දරුවන් දා හත්දෙනෙකු ද සමඟ ජිමෝනිස් මහතා හා මිට්ලින් මහත්මියගේ පවුලේ සාමාජිකයින් ගණන අනූ හත් දෙනෙකි.  ලියනගේ මහතා ඔවුන් සමඟ සතුටින් කාලය ගත කරයි.