අකුරණ අස්නා පල්ලිය සියලු ජාතීන්ට විවෘත වෙයි



(මොහොමඩ් ආසික්)

මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදු වන ආගමික සංසිද්ධීන් පිළිබදව මුස්ලිම් නොවන පිරිස් වලට අවබෝධයක් ලබා ගැනීම සඳහාත් ජාතින් අතර සහජීවනය ඇති කිරීම සඳහාත්  අකුරණ අස්නා මුස්ලිම් දේවස්ථානය සියලු ජනතාව වෙත අද (28) දවස පුරා විවෘතව තැබිණි.

මෙහිදී සිංහල දෙමළ ජනතාව සමඟ මුස්ලිම් කාන්තාවෝ ද විශාල පිරිසක් පැමිණ මුස්ලිම් දේවස්ථානය තුළ දෛනිකව සිදු වන ආගමික වැඳුම් පිදුම් සිදු වන ආකාරය දැක බලා ගත්හ.

මෙහිදී ඔවුන්ට මුස්ලිම් සංස්කෘතියට අනන්‍යවූ සංස්කෘතිකාංගයන්   දැක බලා ගැනීමටත් ආහාර පානවල රස බැලීමටත් අවස්ථාව ලැබිණි.
 
සාමාන්‍යයෙන් මුස්ලිම් දේවස්ථානයක වන්දනා කිරීම සඳහා යාමට අවසර ඇත්තේ මුස්ලිම් පිරිමි අයට පමණක් වන බැවින් මුස්ලිම් කාන්තාවෝද මෙම අවස්ථාවට එක්වූහ.