අග විනිසුරු දිවුරුම් දෙයි


නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ  විනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 

රජයේ සොලිසිටර් ජනරාල්වරයා ලෙස 2007 වසරේ සිට 2011 දක්වා කටයුතු කර ඇති ප‍්‍රියසාද් ඩෙප් මහතා, වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ද කිහිපවරක් කටයුතු කර තිබේ. 

(ඡායාරූප-ජනාධිපති මාධ්‍ය අංශය)