අගමැති - ෆින්ලන්ත ආර්ථික කටයුතු ඇමැති හමුවක්


(රොමේෂ් ධනුෂ්ක සිල්වා ෆින්ලන්තයේ හෙල්සෙන්කි නුවර සිට)

ෆින්ලන්තයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ආර්ථික කටයුතු අමාත්‍ය මිකා ලින්ටිලැ මහතා සමග හෙල්සින්කි නුවර රාජ්‍ය අමුත්තන්ගේ මන්දිරයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්විය.

එහිදී ලින්ටිලැ මහතා පැවසූයේ ලබන නොවැම්බරයේ ෆින්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඩිජිටල්කරණය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බවය.

මේ අතර ෆින්ලන්ත කර්මාන්ත ෆෙඩරේෂන සාමාජිකයෝ ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග 10වැනිදා උදෑසන උදා භෝජන සංග්‍රහ සාකච්ඡාවකට සහභාගී වූහ.