අගමැති ආර්යාව රගර් බලන්න යයි


රට දේශපාලනික වශයෙන් දැවැන්ත අර්බුදයකට මුහුණ දී තිබුණද අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය තමන්ගේ පුතුන් දෙදෙනා ක්‍රීඩා කළ රග්බි තරගය නැරඹීමට පැමිණ සිටියාය. එහෙත් වෙනදා මෙම තරග නැරඹීමට එන හිටපු ජනාධිපති මෙන්ම වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද තරගය නැරඹීම සඳහා පැමිණ නොසිටියේය.

රජපක්ෂ යුවළගේ පුතුන් වන යෝෂිත සහ රෝහිත තිදෙනාම සී. එච්. පිල නියෝජනය කරති. යෝෂිත රාජපක්ෂ එහි නායකයා වෙයි. නාමල් රාජපක්ෂ කණ්ඩායමේ නිල පුහුණුකරුවා නොවුණද පුහුණු වීම් ස‍ඳහා සහාය වීමට පැමිණෙයි.

මෙම තරගයේදී සී.ආර්. පිල විසින් සී. එච්. පිල පරදවා ලකුණු 24-23 ක ජයක් තියුණු ලබාගත්තේය.

ඡායාරූප - ළහිරු හර්ෂණ