අගමැති උතුරේ අවතැන්වුවන් බලන්න යයි


 

රොමේෂ් මධුෂංඛ
 

ගංවතුර හේතුවෙන් උතුරේ විපතට පත්වූවන් පිළිබඳ සොයා බැලීමට අද (28) දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේ සංචාරයක නිරතවිය.


එහිදී අගමැතිතුමන් විසින් පළමුව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.


මේ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එක්සත් ජාතික පක්ෂ තවත් මැති ඇමැතිවරුන් පිරිසක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා ඇතුළු උතුරේ ආපදා කළමනාකරණ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


එම සාකච්ඡාවෙන් පසුව අගමැතිතුමා කිලිනොච්චිය මධ්‍යම විදුහලේ පිහිටා ඇති ආරක්ෂිත කඳවුරේ සිටින ජනතාව හමු වී ඔවුන් සමඟ සකාච්ඡා කර එම වැසියන්ට ආධාර ලබා දීම සිදු කරනු ලැබීය.