අගමැති දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහ දේවාලය වැඳපුදා ගනියි


(කඹුරුගමුව තරංග ගුණරත්න)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  අද (5) දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහ දේවාලය වැඳපුදා ගැනිමෙන් අනතුරුව, කල්‍යාණ වංශ නිකායේ අනුනායක  දෙවිනුවර ⁣රජමහ විහාරාධිපති අචාර්ය දෙවිනුවර ශ්‍රී සුනන්ද ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

මේ අවස්ථාවට පැමිණ සිටි මාතර මහින්ද රාජපක්ෂ මහා විද්‍යාලයේ 8 ශ්‍රේණිය ඉගෙනුම ලබන නිපුණ කාංචන  සිසුවා  ඔහු  විසින් සිතුවම් කරන ලද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චිත්‍රයක්  අගමැතිවරයා හට පිළිගන්වන ලදි.

ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි,  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක චතුර ගලප්පත්ති ,  අමාත්‍ය දයාගමගේ යන මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයන් හා ජනතාවද විශාල  පිරිසක් මේ අවස්එාවට එක්ව සිටියහ.