අගමැති මහින්ද වැඩ බාරගනී


2020 මහ මැතිවරණයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් 5,27,364 ලබාගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස අද (11)  දිවුරුම් දුන්නේය.

“ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස නැවත වරක් රාජකාරි භාර ගැනීමට ලැබීම මට ගෞරවයක්. ඉදිරි වසරවලදී මගේ ජාතියට සහ මගේ ජනතාවට අඛණ්ඩව සේවය කිරීමට මම බලාපොරොත්තු වෙමි.“ යයි අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ බාරගනිමින් මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි .

 

( ඡායාරූපය- අග්‍රාමාත්‍ය  ලේකම් කාර්යාලයෙනි)