
ශුද්ධෝත්තම ලියෝ පාප්තුමා රෝහල්ගත කළ බවත්, ඔහුට සැත්කමක් සිදු තකිරීමට නියමිත බවත් වතිකානය නිවේදනය කර ඇත.
71 හැවිරිදි ලියෝ පාප්තුමාගේ පෙණහලු ගැටිත්තක් ඇති බව වෛද්‍ය පරීක්ෂණයකින් අනාවරණය වූ බැවින්, සැත්කම සිදුවනු ඇත්තේ එම ගැටිත්ත ඉවත් කිරීමට බව වතිකානය පැහැදිලි කර ඇත.
වෛද්‍යවරුන්ගේ බලවත් ඉල්ලීම පරිදි තමන් සැත්කමට භජනය වීමට තීරණය කළ බව පාප්තුමා නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර ඇත.
පාප්තුමාට මීට පෙර කිසිදු සෞඛ්‍ය ගැටළුවක් මෙතෙක් වාර්තා වී නොමැති අතර, එතුමා එතුමන්ගේ කාස්ට්ල් ගැන්ඩොල්ෆෝ නම් ගිම්හාන නිවාඩු නිකේතනයේදී සතිපතා ටෙනිස් ක්‍රීඩා කිරීම සහ පිහිනීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ශාරීරිකව ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන අයකු බව පැවැසෙයි.
ලබන නොවැම්බර් 6-17 දිනවල උරුගුවේ, ආර්ජන්ටිනාව සහ පේරු යන රටවල සංචාරයක් කිරීමට පාප්තුමා සැලසුම් කර ඇත. සැත්කම හේතුවෙන් එම සංචාර අවලංගු වෙනවාද නැද්ද යන්න මෙතෙක් දැනුම් දී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕහ්, මම හිතුවෙ අහවලාට ඔක්කොම කරන්න පුළුවන් කීයල.
සියල්ල කලහැකි අය එක්ක කනෙක්ෂන් තියෙනව නේද?