අගමැති සෝමාවතී පුදබිම වැඳපුදා ගනියි


(අංජුල මහීක)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොළොන්නරුවේ සෝමාවතී පුදබිම වැඳපුදා ගැනීමට අද (29) පැමිණියේය. එහිදී ආගමික වතාවත්වලටද එතුමා සහභාගි විය.    

ඝන කැලෑවෙන් වැසී තිබුණු සෝමාවතී පුදබිම දියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ මෙහෙවර කිසිදිනෙක අමතක කළ නොහැකි බව සෝමාවතී රජමහා විහාරාධිපති මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුනේ ශ්‍රී සුමංගල හිමියෝ පැවසූහ.

අග්‍රාමාත්‍යවරයා අනතුරුව විහාරාධිපති නාහිමියන් බැහැදැක සුහද පිළිසඳරකටද එක්විය. මෙහිදී පහමුණේ ශ්‍රී සුමංගල හිමියෝ අරලිය ගහ මන්දිරයේ තැබීම සඳහා කරඬුවක්ද අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදුන්හ. මෙහිදී විශේෂ කප්රුක් පූජාවකටද අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස සහභාගී වූහ.

අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මහා සංඝ රත්නය උදෙසා දානමය පින්කමක්ද පැවැත්විණි.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

(ඡායාරූප - හිඟුරක්ගොඩ ඩබ් ඒ පියතිලක)