අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨ සිසුහු විරෝධතාවයක


(සිරාජ් හසීම්)

අසාධාරණ පන්ති තහනම් පැනවීම සහ සය මාසික අනිවාර්ය විභාගයේ සියලු විෂයන්ට පෙනී සිටීමට ඉඩ නොදීමේ හේතුන් මත අම්පාර අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසූහු එම පීඨය ඉදිරිපිට අද(03) විරෝධතාවක නිරත වූහ.

මෙරට සරසවි වල පිහිටවූ තාක්ෂණ පීඨයේ පළමු කණ්ඩායම ලෙස සැලකෙන මෙම තාක්ෂණ පීඨ සිසූහු 137 දෙනෙකු අතරින් 100කට අධික පිරිසකට 80%ක් නොමැති යැයි කියමින් මෙම විභාගය අහිමි කර ඇති බවද සිසූහු සදහන් කරති.