අග්‍රාමාත්‍යවරයා අ‘පුර සිද්ධස්ථාන වැදපුදා ගනී



රුවන්වැලි  චෙත්‍යාරාමාධිකාරී නුවර කලා විය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දුටු අවස්ථාව

උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක  අනුරාධපුර අටමස්ථානාධිපති  පල්ලේගම සිරි නිවාස නාහිමි බැහැදුටු අවස්ථාව 


අනුරාධපුර සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වැද පුදා ගැනීමට ගොස්   උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක  අනුරාධපුර අටමස්ථානාධිපති  පල්ලේගම සිරි නිවාස නාහිමියෝ  බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


එහිදී   පල්ලේගම සිරිනිවාස  නාහිමියන්  විසින්  අග්‍රාමාත්‍යවරයාට සඳහන් කළේ  ශ්‍රී මහා බෝධියේ පළමු සහ දෙවැනි රන් වැටට අලුතින් රන් ආලේප කරිමට කටයුතු සුදානම් කර ඇති බවයි.


 
එමෙන්ම ඉන්දියාවේ රන්කරුවන් විසින්  ශ්‍රී මහා බෝධි රන්වැට  සඳහා රන් ආලේප කිරීමට නියමිතව ඇතැයිද ,  ලබන පෙබරවාරියේදී එම කටයුතු අරඹන බවද  පැවසු නාහිමියෝ  එම කටයුතු මාස තුනක් ඇතුළත අවසන් කිරීමට බලපොරොත්තු වන බවද  සඳහන් කළේය. 
 
සිරිනිවාස නාහිමි බැහැදැකීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑයද  වන්දනා කළේය.


 
අග්‍රමාත්‍යවරයා  රුවන්වැලි  චෙත්‍යාරාමාධිකාරී නුවර කලා විය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමියන්ද බැහැ දැක ආශිර්වාද  ලබාගත් අතර රුවන් වැලි මහසෑය වෙනුවෙන් කප්රුක් පුජාවක්ද සිදු කළේය.
 


( අංජුල මහික වීරරත්න )  ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි