අඟුරු කකා වතුර බිබි යළි ගමනේ


රංජිත් රාජපක්‍ෂ 
 
දිගු නිහැඩියාවකට පසු කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා ජර්මන්, ඕස්ට්‍රේලියා, එංගලන්ත සහ ජපන් ජාතික විදේශිකයන් පිරිසක් රැගෙන අගුරු කෝචිචියක් අද (30) දහවල් හැටන් දුම්රිය ස්ථානයට ළඟාවිය.

කොළඹ කොටුවෙන් ඊයේ (29) ගමන් ආරම්භ කළ මෙම වාෂ්ප දුම්රිය  මහනුවර දුම්රිය ස්ථානයේ නතර කර අද (30)  නානුඔය දක්වා ගමන් ආරම්භ කළේය.

හැටන් දුම්රිය ස්ථානයේදී එම වාෂ්ප දුම්රියට ජලයද ලබා ගන්නා ආකාරයක් දක්නට ලැබිණි.

නානුඔයේ සිට මෙම දුම්රිය හෙට (31) බණ්ඩාරවෙල දක්වා ධාවනය විමට නියමිතය.

අවසන් වරට මෙම දුම්රිය බදුල්ල දක්වා ධාවනය කරවනු ලැබුවේ 2016 පෙබරවාරි 2 වැනි දාය.

හැටන් දුම්රිය ස්ථානයට මෙම වාෂ්ප දුම්රිය පැමිණි අවස්ථාවේ එය දැක ගැනීමට විශාල පිරිසක් හැටන් දුම්රිය ස්ථානයට පැමිණ සිටියහ.