අඩිහැටේ දුම්රිය පාලමේ අලුත්වැඩියාව අවසන්


(රංජිත් රාජපක්‍ෂ )

දුම්රිය පීලිපැනිමෙන් දැඩි අලාභ හානි සිදුවු උඩරට දුම්රිය මාර්ගයේ කොටගල අඩි හැටේ පාලමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති අතර දුම්රියක් පරික්‍ෂණ චාරිකාවක් සදහා පාලම  මතින් අද (20) ධාවනය කෙරිණි.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය ඉකුත් (13) අලූයම එම පාලම මතදී පීලි පැනීමට ලක් විය.

එම පාලම ප‍්‍රතිසංස්කරණය කිරිමට සති තුනක කාලයක් ගතවන බවට සැලසුම් කර තිබිණි.

එම පාලමේ යෝග්‍යතාවය තහවුරු වීමෙන් පසු මගීන් රැගත්  දුම්රියන් එම පාලම මතින්  ධාවනය කිරිමට කටයුතු කරන බව එහි ප්‍රතිසංස්කරණය කටයුතු කළ ඉංජිනේරුවෝ පැවසූහ.

ඉදිරියේදි මෙම පාලම මතින් දුම්රිය ධාවනය කිරීමේදී වේගය සීමා කිරිමට සැලසුම් කර ඇත.