අතුරුදන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා දෙවියන්ට කන්නලව් කරති


(සිතුම් චතුරංග)

යුද සමයේ අතුරුදන්වූවන් හා බන්ධනාගාර ගතකොට සිටින දේශපාලන සිරකරවන් නිදහස් කරන ලෙස ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් ආරම්භ කළ සත්‍යග‍්‍රහයට දින 70ක් ගතවීම නිමිත්තෙන් අතුරුදන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා දෙවියන්ට කන්නලව් කරමින් දෙවියන් වෙත පොල්ගැසීමේ වැඩසටහනක් අද (04) වවුනියාව කන්දසාමි කෝවිලේදී පැවැත්විණි. 

පෙබරවාරි මස 24 වැනිදා සිට තමන් වවුනියාව තැපැල් කාර්යාලය ආසන්නයේ දින 70 කාලයක් සත්‍යග‍්‍රහයේ යෙදී සිටින අතර තම ඉල්ලීම් පිළිබඳ අවධානය යොමුකිරීමට රජයේ කිසිවකු ඉදිරිපත් නොවූ බවත් රටේ පාලකයින්ටද එරෙහිව තමන් පොල් ගසා දේවකන්නලව්ව පැවැත්වූ බව අතුරුදන්වූවන්ගේ ඥාතීහූ පවසති.