අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයෝ කොළඹදී නිහඬ විරෝධතාවක


අගෝස්තු 30 වැනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර අතුරුදන්වූවන්ගේ දිනයට සමගාමීව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු ශාඛාව සංවිධානය කළ සහයෝගීතා වැඩසටහනක් කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (28) පැවැත්විණි.

මෙරට අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අතුරුදන්වූවන් සිහිපත් කරමින් ඔවුන්ගේ ඡායාරූප දැක්වෙන පෝස්ටර ප්‍රදර්ශනය කරමින් එම පවුල්වල සාමාජිකයෝ නිහඬ විරෝධතාවකද නිරත වූහ.

අතුරුදන්වීම් හා ඊට විරෝධය පළ කෙරෙන වීදි නාට්‍යයක් ද පැවැත්විණි.

(ඡායාරූප - ඉෂාන් සංජීව)