අධික වේගයෙන් ගිය බිත්තර ලොරිය පෙරළෙයි


(රොමේෂ් මධුෂංඛ)


කොළඹ සිට යාපනය දක්වා බිත්තර 12,000 ක් ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක් වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී පෙරැළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඕමන්ත පොලීසිය පවසයි.


ඕමන්ත පොලිසිය පැවසූවේ බිත්තර ප්‍රවාහනය කළ ලොරි රථය අධික වේගයකින් ගමන් කිරීම හේතුවෙන් රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් ලොරි රථය පෙරැළි ගොස් ඇති බවයි.


කුඩා ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේදී ලොරි රථයේ බිත්තර 12,000ක් පමණ ප්‍රවාහන කොට ඇති අතරබිත්තර ප්‍රවාහනය කළ ලොරි රථය පෙරැළීම හේතුවෙන් බිත්තර මාර්ගය පුරා විසිර තිබු අතරප්‍රවාහනය කළ බිත්තර විශාල ප්‍රමාණයක් බිදී ගොස් තිබු බවද පොලීසිය පැවසීය.


මෙම අනතුරින් ලොරි රථයේ ගමන්ගත් දෙදෙනා සුළු තුවාල ලබා ඇති අතරඔවුනගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලීසිය සඳහන් කළේය.