අධිකරණ වාරණය නොතකා කොළඹට ඇතුළු වෙති


(ශාන්ත සෙනෙවිරත්න)
දිසා කිහිපයක සිට කොළඹ පිටකොටුවට පාගමනින් පැමිණි සයිටම් විරෝධී සරසවි සිසු පිරිසක් එහි රැස්වීමක් පවත්වා විරෝධතාවයේ යෙදුණහ. වත්තල, තොටළඟ මාර්ගයෙන් පිරිසක් ද තවත් පිරිසක් පෑලියගොඩ සිටද කොළඹට පැමිණි අතර තවත් පිරිසක් රාජගිරිය ප්‍රදේශයේ සිට කොළඹට පැමිණියහ. 
එසේ පැමිණි පිරිස හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවිය හැකි බැවින් එය වළක්වාලමින් උසාවිය දුන් වාරණ නියෝගයක් මාළිගාවත්තේ දී පොලිසිය ඔවුනට බාර දුන්නද එය නොතකා පාගමනින් පැමිණි පිරිස් කොළඹට ඇතුළු වූහ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

(ඡායාරූප - ශාන්ත සෙනෙවිරත්න)