අධිවේගයෙ පැත්තක් වහයි: රියැදුරෝ අනාථයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිවිසුම හදිසියේ වසා දැමීම නිසා අද පෙරවරුවේ කහතුඩුව පිටවීම අසල දැඩි වාහන තද බදයක් පැවැතිණි.

කහතුඩුව ආසන්නයේ කොට්ටාව දෙසට මාර්ගය වසා සියලු වාහන කහතුඩුවෙන් පිට කිරීමට කටයුතු කිරීම නිසා රියැදුරන් දැඩි අපහසුතාවයට පත් විය.

පසුව වාහන රියැදුරන්ගේ දැඩි විරෝධය හමුවේ නැවත මාර්ග බාධක ඉවත්කර නැවත පෙර පරිදි කොට්ටාවෙන් පිටවීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.