අනධ්‍යන සේවක ගැටලු වහා විසඳන්නැයි සිසු උද්ඝෝෂණ


( ප්‍රින්ස් රත්නායක)

සරසවි අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන්  විශ්ව විද්‍යාල අකර්මණ්‍ය කර  සිසු අධ්‍යාපනය කඩාකප්පල් නොකර ගැටළු විසඳීමට රජයට මැදිහත් වන ලෙස බල කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුහු අද (16)   දහවල් උද්ඝෝෂණයක නිරතවූහ.

අනධ්‍යයන සේවක වර්ජනයට  සහාය දක්වන සිසුහු  පවසනුයේ සේවක ඉල්ලීම් සාධාරණ බවත් එම එකඟවූ ගිවිසුම් ප්‍රකාර ඔවුන්ගේ ඉල්ලීම් වහා ලබා දෙන ලෙසත්ය.

අසූ දහසක් පමණ සිසුන්ගේ ජීවිත අඳුරට නොදමා රජය වහා මැදිහත්ව විශ්වවිද්‍යාල යථා තත්ත්වයට ගෙන එන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.