අන්තර්ජාතික විද්වත් සමුළුව ඇරඹෙයි


(ප්‍රින්ස්  රත්නායක)

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන පීඨය මගින් සංවිධානය කරනු ලබන දෙවැනි ජාත්‍යන්තර විද්වත් සමුළුව  අද (19) ඇරඹිණි. මෙම සමුළුව  20 , 21 දක්වා  ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ. 

මේ සඳහා  දෙස් විදෙස් පර්යේෂණ පත්‍රිකා 120 ක් අතුරින් පර්යේෂණ පත්‍රිකා අනූ අටක් ඉදිරිපත් කිරීමට  නියමිතය. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. සුනිල්ශාන්ත මහතා සහභාගීවූ අතර විශේෂ ආරාධිතයා ලෙස ලංකා විදුලිබල පෞද්ගලික සමාගමේ සභාපති කේ ආර්.එච්. ලාල් ගුණසේකර මහතා සහභාගී  විය. 

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය පවත්වනු ලබන දෙවැනි ජාත්‍යන්තර විද්වත්  සමුළුව (කළමනාකරණ පර්යේෂකයන්ගේ ද්විතීය අන්තර් ක්ෂේත්‍ර සම්මන්ත්‍රණය ) වශයෙන් පැවැත්වෙන මෙහි තේමාව වනුයේ ධරණීය සංචාරක ව්‍යාපාරය, ආයතනික කළමනාකරණය, සහ අපගේ පරිසර  බලායනය වේ. 

මෙම සමුළුවේ සභා සභාපතිත්වය උසුලනු ලබන්නේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ ආචාර්ය එම්.එස්.එම්. අස්ලාම් මහතතාවේ.

මෙම සමුළුවට  සමගාමීව විදේශීය විශ්වවිද්‍යාල දෙකක් මෙම ජාත්‍යන්තරතර සමුළුවව පැවැත්වීමේ කටයුත්තට එක්ව තිබේ. ඇමරිකා එක්සත්ජනපදයේ උතුරු ඇරිසෝනා විශ්වවිද්‍යලය හා මැලේසියාවේ ටෙක්නෝලොජි මාරා විශ්වවිද්‍යාලද මෙයට දායකව ඇත. 

ප්‍රධාන විද්වත් සමුළුව හා   සමගාමීව   තවත් සමුළු දෙකක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. එය ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන මැලේසියාවේ  10 වැනි ඝර්ම කලාපීය සංචාරක දෘෂ්ටි සම්මන්ත්‍රණය සහ ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු ඇරිසොනා විශ්ව විද්‍යාලයේ ප්‍රථම ජාත්‍යාන්තර තිරසාර පාරිසරික බලායන සම්මේලනයද මේ හා සමගාමීව පැවැත් වේ. 

ඒ අනුව ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව දෙකක් සහ කළමනාකරණ අධ්‍යයන පීඨයේ පැවැත්වෙන් දෙවන ජාත්‍යන්තර විද්වත් සමුළුවත්  සමඟ ජාත්‍යන්තර පර්යේෂණ සමුළු තුනක් පැවැත්වේ.