අන්තරේ භික්ෂූහු කොටුවේ විරෝධතාවයක


(ජයමාල් චන්ද්‍රසිරි)

සයිටම් ආයතනයට විරුද්ධව විරෝධතා කළ සිසුන්ට පොලිසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද(27) පැවැත්විණි.

බලධාරීන්ගේ රුව රැගත් පඹයන් ගිනි තබමින් විවිධ විරෝධතා පුවරු ඔසවමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.